වන අලි පහරදීමකින් කතක් ජීවිතක්ෂයට .

අනුරාධපුරය මහවිලච්චිය යාය 4 ප්‍රදේශයේදී අද (20) අලුයම දෙදරු මවක් වන අලියෙකු පහර දීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

නිවසේ සිට වැසිකිලිය වෙත යාමේ දී ඇයට මෙම වන අලි ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් .

මීට අමතරව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ ප්‍රමිතියෙන් තොර අලි වැට හේතුවෙන් වගා කටයුතු සිදු කර ගෙන යාමට නොහැකි තත්ත්වයකට තමන් පත්ව ඇති බවත් , අලි වැට නිසි පරිදි සකස් නොකිරීම හේතුවෙන් ගම්වදින අලින් සිය වගා භූමි විනාශ කරන බවත්ය .

Exit mobile version