බඹර ප්‍රහාරයකින් කතක් ජීවිතක්ෂයට .

යාපනය , කරෙයිනගර් ප්‍රදේශයේ දී කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ .

අදාළ කාන්තාව කෝවිලක පැවති උත්සවයකට සහභාගී වී කොහොඹ අතු කැඩීමට ගිය අවස්ථාවේදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .

මෙම කාන්තාව බඹර ප්‍රහාරයට ලක් වීමෙන් පසු වලන්තලෙයි රෝහලට ඇතුළත් කර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ .

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය , කරෙයිනගර් කලාභූමියේ පදිංචි 63 හැවිරිදි අයෙකි.

Exit mobile version