නුවරඑළියේ දර කඩන්න ගිය කතක් අතුරුදන්.

ඊයේ (14) සවස 2.00 ට පමණ නුවරඑළිය , බෝඹුඇල්ල රක්ෂිතය වෙත දර කැඩීම සඳහා ගිය කාන්තාවක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව ඇයගේ ඥාති පුත්‍රයෙකු සමඟ දර කැඩීම සඳහා ගොස් ඇති අතර එම පුත්‍රයාට මෙම කාන්තාව මගහැරී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 63 ක් වයසැති පීඩාවත්ත , ලවර්ස්ලිප් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

නුවරඑළිය පොලිස් නිලධාරීන් , පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සොයා විමර්ශන ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු නුවරඑළීය පොලිසිය විසින් සිදු කරනු ලබන බව සඳහන්.

Exit mobile version