බෙහෙත් ගන්න මුදල් නොදුන්නොත් අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා – කෙහෙළිය රඹුක්වැල්ල.

රෝහල් දෙකක නිර්වින්දන ඖෂධ සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ  පැහැදිලි කරමින් ,  ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබුණහොත් තමා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙන එක ගැන. අනෙක් හේතුව මතුවෙලා තියෙන මුදල් ප්‍රශ්නය.මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා.මොකද මම තීන්දු කරලා තිබෙනවා ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ කටයුතු නොකරන්න. තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ.මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක්. මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම භාරගන්න වෙනවා.”

Exit mobile version