කැලණි සරසවි සිසුන් විරෝධතාවයක්.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල සරසවි මාවතේ  කොළඹ නුවර මහා මාර්ගය අසල සිට උද්ඝෝෂණයක් පවත්වන ලද බව වාර්තා වේ.

ත්‍රස්ත මර්ධන පනත සහ ඒ හා සමාන පනත් අහෝසි කරන ලෙස ඉල්ලා මොවුන් උද්ඝෝෂණයේ යෙදේ.

විශ්ව විද්‍යාලයෙන් අද රාත්‍රී අටට පමණ ආරම්භ කළ උද්ඝෝෂණය කොළඹ නුවර මාර්ගයට ඇතුළු වන ස්ථානයේ  සිට උද්ඝෝෂණයේ යෙදෙන අතර ඔවුන්ට කොළඹ නුවර මාර්ගය ඇතුළු වීමට නොහැකි වන පරිදි  පොලීසිය මාර්ග බාධක යොදා තිබේ.

Exit mobile version