නඩු භාණ්ඩ කාමරයේ කේරළ ගංජා අතුරුදහන් .

යාපනය ,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව වාර්තා වේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු භාරගන්නා රෙජිස්ටාර්වරයා විසින් මේ බව පොලීසියට පැමිණිලි කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම නඩු බඩු කාමරය පිහිටා ඇතැයි පොලිසිය පවසයි.

කිසිවකු විසින් මෙම කේරළ ගංජා තොගය හොරාගෙන යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

පිටස්තර අයකු භාණ්ඩ කාමරේට ඇතුළු වී මේවා සොරා ගෙන යෑමට ඇති ඉඩකඩ බෙහෙවින් ම අඩු බවත් පොලීසිය පෙන්වා දෙයි.

Exit mobile version