‘කෙවිටියාගල කළුවා’ අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘කෙවිටියාගල කළුවා’ නැමැත්තා මීගහතැන්න පොලිසිය විසින් ඔහුගේ නිවස ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොල්ගම්පොළ, කෙවිටියාගල, මොරගල, මීගහතැන්න සහ පැළවත්ත යන ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතු ව තිබී හෙරොයින් ග්‍රෑම් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා හමු වූ බවට පොලීසිය පවසයි. 

29 හැවිරිදි සැකකරුට මීට ඉහත දී සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

Exit mobile version