වයස අවුරුදු 17, 19 වයස්වල පසුවන පුතුන්දෙදෙනා මිතුරකු සමග එක්ව තම පියා ඝාතනය කිරීමේ ඛේදනීය පුවතක් යාපනය මිරුසුවිල් ප්‍රදේශයෙන් වාර්තාවේ.
යාපනය කොඩිකාමන් පොලිසිය වෙත, මිරුසුවිල් ප්‍රදේශයේ ගොවිපාලක පුද්ගලයකු ඝාතනය කර ඇතිබවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය මෙම ඝාතනයට සම්බන්ද සම වයසේ පසුවන පුතුන් දෙනා හා ඔහුන්ගේ මිතුරා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඔවුන් විසින් 43 හැවිරිදි පියා ඝාතනය කර ඇත්තේ ගොවිබිම තුල දී තියුණු ආයුද වලින් පහර දී බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා බිරිදගෙන් හා දරුවන්ගෙන් වෙන්ව සිට ඇති බවත් පියාගේ කරදර ඉවසා ගත නොහැකිව මෙලෙස පියා ඝාතනය කල බවත් මියගිය පුද්ගලයාගේ බාල පුත්‍රයා ප්‍රකාශ කර තිබේ.
කොඩිකාමන් පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.
