දකුණු කොරියාව සහ එක්සත් ජනපදය යුද අභ්‍යාසයක නිරත වෙමින් සිටින අතරතුරේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් උපායමාර්ගික කෲස් මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම ඔහු නැගෙනහිර වෙරළ තීරයේ ස්ථානගතකර ඇති නාවික බල ඇණියක යුද නෞකාවක් ද පරීක්ෂාවට ලක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ මෙතෙක් පැවති අභ්‍යාසවලටත් වඩා මහා පරිමාණයෙන් ඇමෙරිකාව සමඟ එක්ව ඉදිරියේ දී යුද අභ්‍යාසයන් පවත්වන බවයි.
