උතුරු කොරියානු නායක කිම් ජොම් උන් මෙම මාසයේදී රුසියාවේ සංචාරයක් සඳහා සූදානම් වන බව වාර්තා වේ.
මෙම සංචාරයේ දී ජනාධිපති ව්ලැදිමියර් පුටින් හමුවීමට නියමිතව තිබෙන අතර එම හමුව සිදුවන ස්ථානය හෝ උතුරු කොරියානු නායකයා රුසියාවට පැමිණෙන දිනය නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව සඳහන්.
නමුත් මෙම හමුවේදී යුක්‍රේනය සමඟ සිදු කරන යුද්ධය සඳහා අවශ්‍ය කරන ආයුධ උතුරු කොරියාවෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බොහෝ දුරට දුම්රියෙන් රුසියාවට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.