ගුවන් තොටුපළ අවට සරුංගල් තහනම්.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5ක වපසරියක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සපුරා තහනම් බවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම දැනුම් දී ඇති බව වාර්තා වේ.

යම් හෙයකින් මෙම කරුණ නොසලකා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයින්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ දැඩි දඩුවම් ලබා දිය හැකි බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version