කොස්ගොඩ සුජීගේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට.

ඩුබායි රටේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘ ඇන්ටා ‘යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අද (02) අහුන්ගල්ල පොලිස් විශේෂ කාර්‍ය බලකා යතුරුපැදි කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 25 ක් ද තිබූ බව සඳහන්.

එමෙන්ම සැකකරු සහ ඔහු සන්තකයේ තිබූ හෙරෝයින් ද ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලිසිය වෙත බාර දී තිබේ.

Exit mobile version