ඊයේ (20) පස්වරුවේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේදී මොටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුරුව තුවාලකරු කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අධික වේගයෙන් ධාවනය වූ මෙම මොටර් රථයට ඉදිරියෙන් , එම දිශාවටම ධාවනය කළ බවුසර් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සහ කිරීමේදි හැටන් සිට තලවකැලේ දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයට සහ මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, මොටර් රථයේ රියදුරා දිඹුල පතන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිඹුල පතන පොලීසිය විසින් සිදු කරනු ලබයි.
