ලහිරු තිරිමාන්න පිටියට සමුදෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (22) ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

මොහු ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර සිය ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 3ක්, ටෙස්ට් අර්ධ ශතක 10ක් මෙන්ම එක්දින ශතක 4ක් සහ එක්දින අර්ධ ශතක 21ක් වාර්තා කර තිබේ.

2014 වර්ෂයේ පැවති ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ 2014 20යි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනු කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ප්‍රබල සමාජිකයෙකි.

ඔහු සිය සමුගැනීමේ සටහන තබමින් සඳහන් කර ඇත්තේ ,

“ක්‍රීඩකයෙක් විදියට මම මගේ උපරිමය මගේ රට වෙනුවෙන් ලබාදුන්නා. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම ක්‍රීඩාවට ගරු කළා. මම මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටුකර තිබෙනවා. මෙම තීරණය ගැනීම මට අපහසු වුණා. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට මට බලපෑ බෝහෝ හේතු මෙහි සඳහන් කරන්න බැහැ.”

Exit mobile version