ලක්ෂ දාහක වී තොග අතුරුදහන් .

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දහසක් වටිනා වී තොග අතුරුදන් වී ඇති බවට කෘෂි කර්ම අමාත්‍යාංශය පවසා ඇති බව වාර්තා වේ.

අදාල සොරකම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ අභ්‍යන්තර සේවක පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගබඩා පහක මේ සොරකම සිදුව ඇති බව සදහන්.

අදාල සොරකම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව ලැබුණු වහාම මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා රහස් පොලීසියට බාරදෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

2020 -2021  කාල පරිච්ඡේදයේ මිලදී ගත් වී තොගයක් මෙලෙස අස්ථානගත වී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

Exit mobile version