චීනයේ නාය යෑමක් – 21 කගේ ජීවිත අහිමි වෙයි.

පසුගිය දින කිහිපය තුළ චීනයේ පළාත් කිහිපයකට ඇද හැලුණු වර්ෂාපතනයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ෂැන්සි පළාතේ දරුණු නාය යෑමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ අනුව එම නාය යෑමෙන් පුද්ගලයින් 21 ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් .

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි .

Exit mobile version