මාතලේ , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
අද (12) ප්‍රථමවරට මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට සහ මාතලේ ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ .
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා ද , මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රදේශය සඳහා ද අද (12) ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ .
