ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අතරින් දිස්ත්‍රික්ක 3ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර තිබේ .
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට ද , මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයටද, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලටද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට ද මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවී ඇති බවයි.
වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලාබැසීමේ සහ පස් කණඩි කඩාවැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසකට විමසිලිමත්ව පසුවිය යුතු බවට දැක්වෙන කහ වර්ණයෙන් යුතු නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙන අතර එම ප්‍රදේශ පහතින්.
ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව, ඇල්පිටිය
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, වලල්ලාවිට
කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය – මුලටියන, අතුරළිය
රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල, පැල්මඩුල්ල
