නාය යෑම් අනතුරු දිස්ත්‍රික්ක පහකට.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 5 ක් සදහා නාය යෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , බද්දේගම , යක්කලමුල්ල , ඇල්පිටිය යන ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , රඹුක්කන , මාවනැල්ල , දැරණියගල , ගලිගමුව , කෑගල්ල යන ප්‍රදේශවලටත් , කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම , රිදීගම , අලව්ව , පොල්ගහවෙල යන ප්‍රදේශවලටත් , මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රදේශයටත් ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව සදහන්.

Exit mobile version