ලන්සාගේ නව සන්ධානයට පොහොට්ටුවේ වෘත්තීය සමිති 37 ක් එක්වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් එළඹෙන ජනවාරියේ එළිදකින නව දේශපාලන සන්ධානයේ කටයුතු මේ දිනවල ඉතා යුහුසුලුව සිදු වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ .

එම සන්ධානයේ මූලික සංවිධාන කටයුතු ලෙස, එහි හවුල්කාරී පක්ෂ ලෙස එක් වන සියලු දේශපාලන සංවිධාන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර මේ වන විට එම සන්ධානය සඳහා වන මැතිවරණ ලකුණ ද තෝරා අවසන් බව සඳහන් .

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ප්‍රබල දේශපාලන ධාරාවන් කිහිපයක්ම කැමැත්ත පළකර ඇති බවත් , දැනට පොහොට්ටුවට සම්බන්ධ වෘත්තීය සමිති 37ක් නව සන්ධානය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ .

Exit mobile version