විදුලි බල මණ්ඩලයේ හලාවත කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථන 35ක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ .
කාර්යාලයේ ජනේලයක් කඩා ඒ තුළින් ඇතුළු වූ පුද්ගලයකු විසින් මේවා සොරාගෙන ගොස් ඇති බව සඳහන්.
විදුලිබල මණ්ඩලයේ හලාවත කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර මේවායේ වටිනාකම රුපියල් 120,000 පමණ වන බවද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ .
සොරාගෙන ගිය ජංගම දුරකථන 35 , භාවිතයෙන් ඉවත් කර තිබූ ඒවා බවද වාර්තා වේ .
