හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම අද(25) සිදු කළ බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවට තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළ බව සදහන්.