ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කිහිපයක් මුල් කරගනිමින් අද (25) උතුරු – නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර එය මේ වන විට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බවත් , ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් , පාසල් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවත් , ඇතැම් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ බවත් සදහන්.
