අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ද , කිලෝ ග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩයක මිල රුපියල් 120 කින්ද පහළ දමා ඇති අතර කිලෝ ග්‍රෑම් 12.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690.00 ක් බවත් , කිලෝ ග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476.00 ක් බවත් සඳහන් වේ .
