” ලී ” සුළි කුණාටුවෙන් ඇමෙරිකාවට දැඩි හානි .

” ලී ” සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවට සහ කැනඩාවේ නැගෙනහිරට දැඩි බලපෑම් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

මෙම සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් සහ කැනඩාවේ ඇට්ලැන්ටික් කැනඩා යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබේ .

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සුළි කුණාටු තත්ත්වය නිසා එම රටවල වෙරළබඩ ප්‍රදේශයේ අඩි 20ක පමණ මුහුදු රළ ඉහළ යාමක් ඇතිවිය හැකි බවත් , ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බවත් , ඇමෙරිකාවේ මෙන් ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ය .

Exit mobile version