පුද්ගලික ආරක්ෂක ආයතනවල බලපත්‍ර අලුත් වෙයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන නියාමනය හා ලියාපදිංචිය පිළිබඳ බලපත්‍ර කොන්දේසි යාවත්කාලීන කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව ලියාපදිංචි වී ඇති සෑම ආයතනයක්ම බලපත්‍රයේ වලංගු කාල සීමාව ඉක්මවීමට මාස තුනකට පෙර ඉදිරි වර්ෂ දෙක සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබේ.

තවද බලපත්‍ර කාල සීමාව ඉක්මවා අවසරයකින් තොරව පවත්වාගෙන යාම 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්‍ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version