පෘථිවියේ ජීවින් විනාශ වී යන බවට හෙළි වේ.

වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇති බව වාර්තා වේ.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ, එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවයි.

අදාල කාලය තුළ පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක 40ත් 70ත් අතර උෂ්ණත්වයකට මුහුණදීමට සිදුවන බව සදහන්.

පෘථිවි මහද්වීප සියල්ල එකට ගමන් කර උණුසුම්, වියළි සහ බොහෝ දුරට වාසයට නුසුදුසු “පැන්ජියා අල්ටිමා” නමින් සුපිරි මහද්වීපයක් නිර්මාණය වනු ඇති බවට පර්යේෂකයින් ප්‍රකාශ කර තිබේ.

පොසිල ඉන්ධන දහනය මේ මොහොතේ සිට නවතා දැමුව ද මෙම තත්ත්වය නිර්මාණය වනු ඇති බවට අනාවරණය වී තිබේ.

මීට වසර මිලියන 66කට පෙර දැවැන්ත අභ්‍යවකාශ පාෂාණයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනෝසරයන් මියගිය පසු සිදුවන පළමු වඳවී යාම මෙය වනු ඇති බවට එම පර්යේෂකයෝ පවසති.

Exit mobile version