පාර්ලිමේන්තු මන්ත්‍රී උදයංගට ජීවිත තර්ජන.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයංග චාමින්ද කිරිඳිගොඩට ජීවිතයට තර්ජනයක් තිබෙන බවට ඔහු මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බව වාර්තා වේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ රැඳී සිටියදී එම නිවසේ උඩු මහලේ සැරිසැරූ නාඳුනන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කරගෙන ඇති බව සදහන්.

ඉහල මාලයට පැමිණි එම පුද්ගලයා යාබදව පිහිටි යුද හමුදාවේ නිලදාරින් නවාතැන් ගෙන සිටින නිවසේ උඩු මහල දක්වා ගමන් කරන බවද මන්ත්‍රීවරයා දුටු බවට පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version