කුඩා ඉඩමක තිබූ කජු ගසකින් කජු කිලෝවක් සකසා එය විකුණා තම දරුවන් දෙදෙනාට රාත්‍රී කෑම සඳහා යමක් ගෙන ඒමට වෙළදසැලට ගොස් නැවත තම නිවස බලා එමින් සිටියදී පල්ලම අඩම්මන වෙල් යායේදී දෙදරු මවක් අකුණු සැර වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඩම්මන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු මවකි.
