“ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” -රෝගියෙකු මරුට

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දෙවන මහලෙන් බිමට වැටී අද (31) ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක ,මීරියගල්ල ,කන්දබඩ අංක 218හි පදිංචි සෙම්බකුට්ටි ආරච්චිලාගේ බන්දුල නැමැති (59)හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහලට පැමිණ 3 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව 5 වාට්ටුවට මාරු කර තිබෙන අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අළුයම 5 ට පමණ නව ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී අනතුරකට පත්ව තිබුණි.

පසුව රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශය මැදිහත්ව අනතුරට පත් පුද්ගලයා වාට්ටුවකට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරින් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

Exit mobile version