රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇති බවත් , වර්ග 25 ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත් , මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක් මෑත භාගයේ නිකුත් කෙරුණු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
