සිරිපා කරුණා කළ සැදැහැවතුන් කිහිප දෙනෙකු ලිස්ටීරියා නම් රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවත් මෙම රෝගය වැළදීමෙන් කන්තාවක් මිය ගොස් ඇති බවත් වාර්තා විය.
එම හේතුවෙන් අද දිනයේදී හැටන් ශ්‍රී පාද මාර්ගයේ සහ පලාබද්දල ශ්‍රී පාද මාර්ගයේ වෙළදසැල් සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවකට ලක් කෙරුණු බව වාර්තා වේ.
එමෙන්ම ලිස්ටීරියා බැක්ටීරියාව ශරීර ගත වී ඇතැයි සැක කරන රෝගියෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.
