වන්දනා ගමන් ඇතුළු සංචාරවල නිරත වන පිරිස් සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු ආහාරපාන ලබාගැනීම සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවට වාර්තා වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂක රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කලේ බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැලදෙන ලිස්ටීරියා නැමැති රෝගය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිර යන්නේදැයි පරීක්ෂණයක් සිදු කරන බවයි.
රත්නපුර එරත්න ප්‍රදේශයේ කාන්තාවක් ආහාර විෂ වීමකින් මියගොස් තිබූ අතර ඇයගේ මරණයට හේතුව බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් සෑදෙන ලිස්ටීරියා රෝගී තත්වය බවට තහවුරු වී තිබේ.
තවත් මෙවැනිම මරණ දෙකක් වාර්තා වී ඇති අතර එම මරණවලට හේතුව ලිස්ටීරියා රෝගී තත්වය දැයි තහවුරු වී නොමැත.
උණ ,වමනය,හිසරදය ,බඩ බුරුලට යාම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීම මගින් මෙම රෝගය වැළදෙන බවට වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් මෙන්ම අනෙකුත් සංචාරවල නිරත වන පිරිස්ද සැමවිටම පිරිසිදු ජලය හා ආහාර ලබාගැනීමට වගබලාගත යුතු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධාරණය කර තිබේ.
