ලිට්‍රෝ ගෑස් එළඹෙන මිල සංශෝධනයේදී නැවත වරක් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 200 කට අධික මුදලකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ලෝක වෙළදපළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙසේ ගෑස් මිල වැඩි කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වුණ ආකාරයට ගෑස් මිල ඉහළ දැමීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මීළඟ ගෑස් මිල සංශෝධනය ලබන නොවැම්බර් මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල මෙම මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 343 කින් වැඩි කළ අතර එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,470 ක් බවට පත්වූ බව වාර්තා වේ.
