සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් අවුරුද්දකුත් මාස හතක් වයසැති සිගිත්තෙකු ඊයේ (16) දින මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි තනුජන් ජැස්මින් නැමැති පිරිමි දරුවෙකි.
මෙම දරුවා රාත්‍රී කාලයේ නිවසේ නිදා ගෙන සිටියදී නිවස තුලට පැමිණ ඇති සර්පයෙකු දෂ්ඨ කර තිබේ.
පසුව මෙම දරුවා ධර්මපුර රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ඉතා බරපතළ තත්ත්වයේ පසු වූ බැවින් කිලිනොච්චිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී පුංචි තනුජන් මියගොස් තිබේ.
මේ පිළිබඳව ධර්මපුරම් පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
