බ්‍රිතාන්‍ය කම්පා කළ ‘සාරා ෂරිෆ්’ නම් 10 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.
ඇයගේ පියා උර්ෆාන් ෂරීෆ්, සුළු මව බෙයිනාෂ් බාටූල් සහ බාප්පා වන ෆයිසාල් මලික් එසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් රැගත් ගුවන්යානය ඊයේ (13) ඩුබායි සිට ගැට්වික් ගුවන්තොටුපොළට පැමිණි විට පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබේ.
සාරාගේ මරණය ඝාතනයක් ලෙස සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කර බවත් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
නිවසේ තිබී අගෝස්තු 10 වැනිදා සාරාගේ සිරුර හමු වී තිබූ අතර, ඒ වනවිට ඇයගේ පියා, සුළු මව, බාප්පා සහ සහෝදර සහෝදරියන් පාකිස්තානයට ගොස් තිබිණි.
උර්ෆාන් ෂරීෆ් සාරාගේ මරණය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බලධාරීන්ට පාකිස්තානයේ සිට දුරකථනයෙන් දැනුම් දී තිබූ බව සඳහන්.
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ, සාරාට බහුවිධ තුවාල සිදු ව ඇති බවයි.
