ළිඳට වැටී පුංචි පුතු සහ මව මියයයි.

වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට ළිඳට ගොස් ඇති අතර, රෑ වනතුරු ඔවුන් ගැන තොරතුරක් නොමැති වීම හේතුවෙන් සොයාබැලීමේ දී දරුවාගේ ඇඳුම් සහ සෙරෙප්පු ළිඳ අසල තිබී හමුව තිබූ බව සදහන්.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ළිඳ ඉස දරුවාගේ සහ මවගේ මෘත ශරීර සොයාගෙන ගොඩට ගෙන තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 37 හැවිරිදි ලක්මාලි වීරසිංහ සහ කෝවිද සාරමිත් නැමති පුංචි පුතුය.

මියගිය පුංචි පුතුගේ හත් වන උපන්දිනය හෙට (24) දිනට යෙදී ඇති බව ද සඳහන් .

මියගිය කාන්තාවගේ සැමියා නාවික හමුදාවේ සේවය කරන අයෙකි.

Exit mobile version