මත්පැන් බෝතල්වල අලවා ඇති ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් හඳුනා ගැනීමට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම් වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
වෙළෙඳපොළ තුළ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් නිසි පරිදි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවට නිරීක්ෂණය වීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබුණි.
මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කමිටු සාමාජිකයන් අප්‍රසාදය පළකර ඇති බව සදහන්.