ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය හිමිව ඇතිබව ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ලොතරැයි පතක මිල රුපියල් 40ක් වන බව සඳහන්.
එමෙන්ම මෙම මිල ගණන් ඉහළ දැමීමත් සමඟම ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබා දෙන ත්‍යාග මුදල ද ඊට සමගාමීව ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
මෙම මිල ගණන් ඉහළ දැමීම ලබන ජුලි මස 06 වනදා සිට සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද , ඒ සම්බන්ධයෙන් නැවත වතාවක් සලකා බැලීමට නියමිත බවත් , මෙසේ මිල වැඩි වීම බලාත්මක වන දිනය පිළිබඳව මෙම සතිය තුළ දී අවසන් තීරණය ගන්නා බවත් ජාතික ලොතරැයි මණඩලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.
