ලොතරැයි මිල වැඩි කිරීමත් සමඟ ලොතරැයි අලෙවිය පහත වැටී ඇති බවත් , අලෙවිකරුවන් ලෙස තමන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බවත් හැටන් ආශ්‍රිත ප්‍රදේශවල ලොතරැයි අලෙවිකරුවන් ප්‍රකාශ කරති.
ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවෙකුටත් අත නොපා ඉතා අසීරුවෙන් තම දරු පවුල් රැක ගැනීමට පියවර ගත්තත් ලොතරැයි අලෙවිය පහත වැටීමත් සමඟ තමන් මෙලෙස දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.
