ලොතරැයි මිල ඉහළට .

අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බව සදහන්.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා
,
“සෑම ලොතරැයියකම අවම තෑග්ග රු 40 දක්වා ගෙනත් තියෙනවා. සමස්තයක් විදියට මධ්‍යම ප්‍රමාණයේ තෑගි සහ පළමු පෙළ ත්‍යාග ප්‍රමාණය වැඩිවෙන විදියට හා වැඩි පාරිභෝගිකයින් පිරිසකට යන විදියට බලලා වැඩි ජයග්‍රහාකයින් පිරිසක් බිහිකරන්න යොමුවුණා. අපේ සුපිරි ත්‍යාගය රු 40ට කෝටි 40ක සුපිරි ත්‍යාගයක් තියෙනවා පාරිභෝගිකයාට. ඇත්තටම තමා වැය කරන මුදල වැඩිවුණාට සාපේක්ෂව ත්‍යාග මුදලත් වැඩිවෙලා තියෙනවා ලොතරැයි පත් හරහා.”

මේ අතර ලොතරැයි ටිකට් පතක මිල ඉහළ නැංවීම සහ ඊට සාපේක්ෂව කොමිස් මුදල් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් අද සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි සංගමය පවසා තිබේ.

කෙසේවෙතත් ලොතරැයි මිල ඉහළ දැමීම තුළින් කිසිදු පාර්ශවයකට අසාධාරණයක් සිදුව නොමැති බවට ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version