LPL සූදු පොළක් – අනුග්‍රහය වංචනික මූල්‍ය ආයතනයක්.

එල්.පී.එල් තරගාවලිය බරපතළ ගැටලු සහිත සූදු පොළක් වූ ආකාරයත්,එල්.පී.එල්.ශූරතාවය දිනා ගත් බී.ලව්.කැන්ඩ් කණ්ඩායමේ අනුග්‍රාහකයා බී.ලව්.නැමැති ක්‍රිප්ටො කරන්සි ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ නීති ප්‍රාකාරව තහනම් සමාගමක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

අමාත්‍යවරයාගේත් අනුමැතිය රහිතව පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රධාන භූමිකාවක් කළ සූදු ඔට්ටු වෙබ් අඩවි 15ක් පිළිබඳව ද අධිකරණ ඇමතිවරයා හෙළි කළේ තරගයේ මාතෘකා අනුග්‍රහය දුන් SKYFAIR යනු නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක් බවද අනාවරණය කළේය.

අධිකරණ ඇමතිවරයා මෙසේද පැවසුවේය.

“මෑතකදී පවත්වපු එල්.පී.එල්.තරගාවලිය පිළිබඳ බරපතළ ගැටලු තිබෙනවා.විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය යන දිශානතිය සම්බන්ධව එතනදී ගැටලුවක් මතු වෙනවා.

ඒකට හේතුව මේකයි.එල්.පී.එල්.තරගාවලියේදී විශේෂයෙන්ම ක්‍රිප්ටො කරන්සි ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වුණා.

ඒ තුළ T20 ෆ්‍රැන්චයිස් පදනම් කරගත්ත ලීගයේ මාතෘකා අනුග්‍රහය දුන්නේ SKYFAIR කියන නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ අක්වෙරළ වෙබ් අඩවියක්.

අපේ රටේ නීතිය අනුව ඒවා තහනම්.ඒ තහනම් දේවල් ප්‍රවර්ධනය සඳහා තමයි මෙවර මේ ක්‍රීඩාව පාවිච්චි කරලා තිබෙන්නේ .

අනුග්‍රාහකයින් රාශියක් නීති විරෝධි ඔට්ටු වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතන එවැනි ආයතන 15ක් හදුනාගෙන තිබෙනවා.

Skyfair News,1xBet 1XBook,Crickets In,Kheloyar News,Babu88, SAT sport, Wolf 777, Tiger ESCH, BA Fry Coin,MTFE. තමයි ඒ අඩවි.

එතකොට බලන්න,මේ ආයතන සියල්ලම ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවල යෙදිලා තියෙන ඒවා නැතිනම් ක්‍රිප්ටො කරන්සි ගණුදෙනු සිදු කරන ඒවා.

ජය්‍රහණය ලබපු කැන්ඩි කණ්ඩායමටත් අනුග්‍රහය දක්වලා තිබෙන්නේ ” බී ලව් ” කියන ක්‍රිප්ටො කරන්සි ආයතනය.ඒක තහනම් කරපු ආයතනයක් .

මේ ක්‍රිකට් මණ්ඩලය කරපු ක්‍රියාදාමය නීතියෙන් පිට කරපු ක්‍රියා කටයුතු හරිද වැරදිද කියලා හොයන්න අමාත්‍යවරයාට වගකීමක් තියනවා.හොයලා වැඩක් නෑ…ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා .

ඒක ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන වගකීමක්.

දූෂණ විරෝධී පනතේ 108 වැනි වගන්තිය අලුතින් හදුන්වලා තියනවා.මේ ක්‍රීඩා සම්බන්ධව අල්ලස් ,තුටු පඩුරු ලබා දීම,ඒවා භාර ගැනීම,අවුරුදු හතක සිර දඩුවමකට ලක් විය යුතු මිලියනයකට නොවැඩි දඩයකට ලක් විය යුතු වරදක් විදිහට නීතිය ඔබතුමාලා සම්මත කරලා දුන්නා.ඒක 2023 අංක 09 දරණ පනත

ඒකෙ 109 වගන්තියත් මේකට අදාලයි.ඒ වගන්තිය යටතේ ක්‍රිකට් මණ්ඩලය විතරක් නොවෙයි ඕනෑම තැනැත්තෙක් පසුගිය කාල සීමාව තුළ උපයා ගත්ත ධනය උපයා ගත් ආකාරය පැහැදිලි කළ යුතුයි.

ඒ පැහැදිලි කිරීම ඇමතිවරයා කර ගත යුතුයි.එහෙම පැහැදිලි කිරීමක් කරගන්න බැරිනම් කලින් කී දඩුවම්වලට යටත් විය යුතු වරදක්.

ඇමතිවරයාට බලය තියෙනවා .ඒ බලය පාවිච්චි කරන්න.මේ යෝජනා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා දෙන්න .සති දෙකක් ඇතුළත අපි පනත සම්පාදනය කරලා දෙනවා.”

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පහත විඩියෝව නරඹන්න.

අපගේ ෆේස්බුක් ගිණුමේ ලින්ක් එක පහතින්,

https://fb.watch/mEjSzuj0Ej/?mibextid=Nif5oz

Exit mobile version