LPL ක්‍රීඩක වෙන්දේසිය අද.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (14) පස්වරු 3.00ට කොළඹ ශ්‍රැන්ගිලා හෝටල් පරිශ්‍රයේ දී සිදු කිරීමට නියමිත අතර මෙම වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 360 දෙනෙකු ඉදිරිපත් කිරීම විශේෂත්වයක් බව වාර්තා වේ.

ඒ අනුව මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම මෙවර LPL ක්‍රීඩක වෙන්දේසිය සදහා වට 51ක් ඇතුළත්ව ඇති අතර ක්‍රීඩකයන් මිලදී ගැනීම සඳහා එක් කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් ලක්ෂ 5 ක පමණ මුදලක් වැය කිරීමට අවසර තිබෙන බව සඳහන්.

තවද වෙනත් ජාත්‍යන්තර වරම් හිමිකරගෙන සිටින සහ ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නොමැති ලෙස කණ්ඩායම් දෙකක් යටතේ ක්‍රීඩකයන් මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි කරන බවත් , එහිදී ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් ඇමරිකන් ඩොලර් 10,000, ඇමරිකන් ඩොලර් 20,000 , ඇමෙරිකන් ඩොලර් 30,000 , ඇමෙරිකන් ඩොලර් 40,000, ඇමෙරිකන් ඩොලර් 50,000 යන මූලික වටිනාකම් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

Exit mobile version