LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14.

2023 වර්ෂයේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 14 වන දා කොළඹ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ බව වාර්තා වේ.

ඒ සඳහා එක් කණ්ඩායමක් ඩොලර් 500,000ක් යෙදවීමට නියමිත බවත් , කණ්ඩායම් පහේම ක්‍රීඩකයන් සඳහා ඩොලර් මිලියන 2.5ක් ආයෝජනය කිරීමට නියමිත බවත් සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 20/20 තරඟාවලියක් සඳහා ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් ,මෙම තරඟාවලිය ජුලි 30 වන දා සිට අගෝස්තු 20 දක්වා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ.

Exit mobile version