‘ බරපතළ බැක්ටීරියා ආසාදනයකින් ‘ රෝගී වූ මැඩෝනා යළි සුවය ලබා නිවසට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ කළමනාකරු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇය බරපතළ රෝගී තත්ත්වයක පසුවූ බවයි.
64 හැවිරිදි ඇය මෙලෙස රෝගි වූයේ ,එළඹෙන සති කිහිපයෙන් පසු මාස 07ක දීර්ඝ විදෙස් සංචාරයක් ආසන්නයේදීය.
කෙසේ වෙතත්,රෝගි තත්ත්වය නිසා එම සංචාරය කල් දැමීමට සිදුව තිබේ.
