මහනුවර රෝහල් කාණුවේ මිනිස් ශරීර කොටසක්.

මහනුවර ජාතික රෝහලේ අභ්‍යන්තරයේ කාණුවක් ආසන්නයේ මිනිස් කළලයකට සමාන ශරීර කොටසක් හමුවී තිබෙන බව වාර්තා වේ.

මෙම ජාතික රෝහලේ පවිත්‍රතා කටයුතු වල යෙදුණු සේවිකාවක් මේ සම්බන්ධයෙන් දැක ඇති අතර ඇය රෝහල් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. එහිදී වහා ක්‍රියාත්මක වූ රෝහල් බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය දැනුවත් කර එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර මෙය මිනිස් ශරීරයක කොටසක් ද යන්න පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

Exit mobile version