මාස 6 ක් මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය වැසෙයි.

ලබන ජනවාරි මස 7 වැනිදා සිට මාස 6ක කාලයක් මහව සිට අනුරාධපුර දක්වා මාර්ග කොටස නවීකරණය කිරීම හේතුවෙන් එම කොටස වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .

උතුර දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙය සිදු කෙරෙන අතර ඒ අනුව එම කාලය තුළ කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා පමණක් දෙපසට දුම්රිය ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version