මහේල වැඩ අරඹයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලක්නව්හිදී පැවැති තුන්වැනි තරගයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට ගිය ශ්‍රී ලංකා පිලේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා බැංගලෝර්හිදී අද (24) නැවතත් වැඩ ආරම්භ කළ බව වාර්තා වේ.

බැංගලෝර් ක්‍රීඩාංගනය දැන් පැවැත්වෙන පුහුණු සැසියට මහේල ජයවර්ධන මහතා සහභාගී වී සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් , දුෂ්මන්ත චමීර සහ දසුන් ශානකද සහභාගි වී සිටි බව සදහන්.

Exit mobile version