ලක්ෂ 70ක වංචාවකට මහින්ද කහඳගම රිමාන්ඩ්.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොම්පඤ්ඤ වීදියෙහි පිහිටි මෙට්ට්‍රෝ හෝම් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් ලබාගෙන වංචා කළ බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු මෙන් ම පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපතිවරයෙකු වන මහින්ද කහඳගමගේ නමැත්තා මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ( 20) නියෝග කළ බව වාර්තා වේ.

මෙම සැකකරුගේ හිතවතෙකු බව කියන නුවර ප්‍රදේශයේ පදිංචි ජයන්ත මුනවීර නමැති අයෙකු පොලිස් වංචා විමර්ශන ඒකක අංක 7 වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව සදහන්.

මෙම සැකකාර පුද්ගලයා ඉහත සදහන් පැමිණිලිකරුට නිවසක් ලබාදෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ අනුව පැමිණිලිකරු මුදල්වලින් මෙන් ම චෙක් මගින්ද සැකකාර පුද්ගලයාගේ ගිණුමට මුදල් බැර කර ඇති බව ද පැමිණිල්ල මෙහෙයවූ පොලිස් වංචා විමර්ශන අංක 7 ඒකකයේ උපපොලිස් පරීක්ෂක දිසානායක හා පොලිස් කොස්තාපල් ඉහළගෙදර යන නිලධාරීහු අධිකරණයට දැන්වූ බව සදහන්.

Exit mobile version