අධික වර්ෂා තත්ත්වය දිගටම තිබුනොත් ඉදිරියේදී ජනතාවට විදුලි සහනයක් ලබා දීමට හැකි වනු ඇති බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසූ බව වාර්තා වේ.
අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවට විදුලි බිල ගෙවාගන්න අමාරුකම් තිබෙන බව පිළිගත යුතු බවයි.
මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන බව කී අමාත්‍යවරයා එහෙම වුණත් එක්වරම මිල අඩු අඩුකිරීමක් කරන්නට හැකි වන්නේ නැතැයි කීය.
යම් සහනයක් ලැබෙනවානම් විදුලිබල ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඒ සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
